කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ


යාපනය - නුවර ඒ නවය මාර්ගයේ  කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීයෑමෙන්  පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.

කනගරායන්කුලම කිලෝමීටර 220 වැනි කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 30 දෙනකු පමණ සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී විශ්ව විද්‍යාලීය සිසුන් අටදෙනකුද බසයේ සිට ඇති බවත් තුවාල ලැබූ එක් අයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි කියයි.

රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Share2016-04-27-3fea8b1026921826b5b8a09c4fc3f30f3628837acf67ef8c9257eeab565f9e9f-Picture Share2016-04-27-a9e19910c6f60cdee59f5d7164e8322d21f6713ea35c19d22e10f6ccf8be06b7-Picture Share2016-04-27-c6925a3899be387fe6815c261d38a8de9cbea4f2e89e3e34bc063126cbc79e07-Picture

ඡායාරූප - රොමේෂ් මධුෂංක