කන්ගනාගෙන් පිරිමින්ට අභියෝගයක්


20160512Kangana-1කන්ගනා රනවුත් පසුගිය දවස්වල බොහෝ කතාබහට ලක්වූයේ රිතික් රෝෂන් සමග ඇති වී තිබූ ගැටලුවක් හේතුවෙන්. මෙම සිදුවීම හේතුවෙන් ඇය පිළිබඳව  බොහෝ පුවත් වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළකෙරුණා.

පසුගියදා ඉන්දියාවේ නාළිකාවක් සඳහා ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්  ඇය කියා සිටියේ "මට ගණිකාව කිව්වත් පිස්සි කිව්වත් මම හොඳින්" බවයි. ඒ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් සමග ඇයගේ තිබූ පේ‍‍්‍රම සම්බන්ධය පිළිබඳව කළ විමසීමකදීයි. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ලිංගික ජීවිතයේදී කාන්තාවක් ක්‍ර‍්‍රියාශීලීයි නම්, ඇයව සමාජය හඳුන්වන්නෙ ගණිකාවක් ලෙස බවයි. ඇය හැම අතින්ම සාර්ථකයි නම් ඇයව හඳුන්වන්නෙ පිස්සියක් කියා බව එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා. තමන්ට මේ නම් දෙකම කීවත් තමන් හොඳින් සිටින බව NDTV නාළිකාවේ අදාළ වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදිනිය ඇසූ ප‍‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසා සිටියා.  

කන්ගනා සහ රිතික් අතර ඇතිවූ පේ‍‍්‍රම සම්බන්ධයේ දී ඇය රිතික්ට යැවූ ඊමේල් පණිවුඩ රිතික් විසින් උසාවියට ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කන්ගනා යනු මානසිකව උන්මත්තක තරුණියක් බවත්, තමා එම කාරණාව ඔප්පු කිරීමට විශාල උත්සාහක් ලබාගත් බවත්ය.


20160512Kangana-2