කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක් කරලලු?


කිම් කාර්ඩිෂන්ගේ නැගණියක වන කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමෙන් ජස්ටින් බීබර්ට අපහාස වන අයුරෙන් පුවත් පළ කර ඇති බැවිනි. මේ පිළිබඳව ඇය කියා ඇත්තේ මේ පිළිබඳව ඇය කිසිවක් නොදන්නා බවය. ඊට අමතරව කයිලිගේ තවත් පුවතක් ලෙස වාර්තා වන්නේ ඇය ගැබ්ගෙන ඇති බවය. ඇයගෙන් බොහෝ දෙනා මේ පිළිබඳ අසන බවද අතර, මේ පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පෙළඹී ඇත්තේ කයිලි සහෝදරියක වන කර්ට්නි සඳහා යවනු ලැබූ කෙටි පණිවුඩ කිහිපයක් අන්තර්ජාලට මුදාහැරීමත් සමගිනි. මේ නිසා ඇය කියා ඇත්තේ තමන්ගේ දුරකථන මෙන්ම, ඇය භාවිත කරන සමාජ වෙබ් අඩවිද හැක්කර ඇති බවය.

 

2016-06-08-ent-27