කර්තෘට ගැසුවැයි හමුදා සැරයන් පෙරට්ටුවකට


රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන්නේයැයි සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම ආවරණය කර අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

2009 ජනවාරි 23 වැනිදා ගම්පහ ඉඹුල්ගොඩ දී ඔහුට පහරදීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා   යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය එදින සාක්කිකරුවන් කැඳවන බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකාර හිටපු හමුදා සැරයන්වරයා ලබන 22 දෙවැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කැරිණි.