පසුගිය සතියේදී කර්මාන්ත පුරවරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ පිරිසිදු කිරීමේ වැඩසටහනකදී අතහැර දමන ලද වාහන 805 ක්, පැරැණි ටයර් 2,823 ක් සහ කැලි කසළ ටොන් 1,845 ක් ඉවත් කළේය. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන නගර සභා සහ පරිසර අමාත්‍යාංශය විසින් සිදුකළේය.
එසේම මෙම වැඩසටහන අතරතුරේදී අමාත්‍යාංශය විසින් විවිධ උල්ලංඝනය කිරීම් 269 ක් ලියාපදිංචි කොට අතහැර දමන ලද වාහන මත අවවාදාත්මක පෝස්ටර් 1,285 ක් ඇළවීමට කටයුතු කළේය.
පිරිසිදු කිරීමේ වැඩසටහනට දෝහා නගර සභාව, ලෙක්වියා, මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ අල් ෆාසා ඇතුළු රජයේ ආයතන කිහිපයක්ම සහභාගි විය.
අමාත්‍යාංශයේ පොදු පිරිසිදු කිරීම් සඳහා වන තාවකාලික කමිටුව මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළේය.