කරැංකත් නරක නෑ අනේ


2016-06-30-ent-02මේක කරැංක ප්‍රශ්නයක්... රටින් අඩු බද්දට කරැංක ගෙනල්ලා තවත් රටකට වැඩි මිලට විකුණන එක සුද්ද ලාභ වැඩක්...

ඉතින් මේක ජාවාරමක් වෙච්ච නිසා ආණ්ඩුවෙ ඉහළින්ම තීන්දුවක් ගත්ත ආයම කරැංක ගේන බලපත්තර නොදෙන්න... ඒ වුණාට මේක රහ වැටුණම නිකම් ඉන්න පුළුවන්ද... මේ හැර මේ වැඩේට මැදිහත් වුණා කියන්නෙ එක්කෙනෙක් නෙවෙයි. මැති ඇමැති සයිස් 4 දෙනෙක්ලු...

උන්නැහේලගෙ ආධාරකාරයන්ට කියලා කස්ටියකට මාසෙකට කන්ටේනර් 100ක් විතර ගේන්න බලපත්තර දහයක් හොරෙන්ම නිකුත් කරලා කියල. තවත් ඇමැති සයිස් කස්ටියකට කතාව "ලීක්" වෙලා... මේ වැඩේට දායක වුණා දේසපාලුතුමන්ල මේ බලපත්තර අනුමත කරන්න සල්ලි ගෙවන්න. සහතික කරන්න බලය තියන අය කියලයි ආරංචි.

රජරටින්, කොළඹින් උතුරෙන් විතරක් නෙවෙයි ජාතික මට්ටමේ ලැයිස්තුවකින් ආපු කෙනකුත් මේ වාසනාවන්ත මැති ඇමැති කස්ටිය අතරෙ ඉන්නවලු.

 

DESHAYA