කල්ලඩියේ විරොධතාවක් - ගමනා ගමමනයට බාධා


 

(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර)

වන අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මිය යාමේ සිද්ධියට විරෝධය දක්වා ගැමියෝ 500 පමණ පිරිසක් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය මංසන්ධියට ආසන්න දී මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වූහ.

කල්අඩිය නිදහස් මාවතේ ගමන් කල පුද්ගයකු වන අලි ප්‍රහාරයකින් අද 12 දා අළුයම 1.00 පමණ  මිය ගොස් තිබේ. මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ කල්අඩිය නිදහස් මාවතේ පදිංචි ඩි.එම් සිරිසේන (53) හැවරිදි දෙදරු පියෙකි.

කල්ඩිය ග්‍රාමයේ දින දහයක් ඇතුලත වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගිය දෙවන පුද්ගලයා මෙය වන  ගම්මුන් පවසන්නේ. නිවාස රැසක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දැල ඇතකු හා වල් අලීන් කිහිප දෙනකු පැමිණෙන බවත් ගැමියෝ කියති.

තම භව භෝග රැසක් මේවන විටත් විනාශ වී යන බවත් දැන් ජීවිත තර්ජනය දිනෙන් දින වැඩි වී ඇති බවයි ජනතාව චෝදනා කරති.

(ඡායාරූප එච්.චන්දන)

 


වල් අලි ප්‍රහාරයකින් දෙදරු පියකු මරණයට පත්වීමෙන් පසු ගම්වාසීහු 500ක් පමණ පිරිසක් පුත්තලම -කුරුණෑගල මාර්ගය අවහිර කරමින්  විරොධතාවක පවත්වති. කල්ලඩිය හන්දිය ආසන්නයේ පැවැවෙන මෙම විරෝධය නිසස ගමනා ගමනයට  බාධා එල්ල වී ඇත.  වැඩි විස්තර පසුව