ඇමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයේ දැනට පදිංචිව සිටින කවීෂා කාවින්දි ප්‍රේමබන්දු ලාංකික අප අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ සිනමා රංගන ශිල්පිනියක් ලෙසය.
ඒ ඇය ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද "සිංග මචං චාලි" චිත්‍රපටය හරහා ඇය ලාංකේය සිනමාවට එක්වීම නිසාවෙනි. ලංකාවේ නොමැති වුවද ඇය පිළිබඳව නිරන්තරයෙන්ම රසික අවධානය දිනාගන්නා කලා ශිල්පිනියක වී සිටින්නීය. පසුගිය දිනවල ඇය කැරබියන් දූපත්වල සංචාරයක යෙදුණ බව වාර්තා වුණි. ඒ පිළිබඳව "සාරවිට" අපි ඇයගෙන් තොරතුරු විමසුවෙමු.
"පසුගිය ටිකේම අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටිය නිසා විවේකයකටත් එක්ක තමයි කැරබියන් දූපත්වල සංචාරය යෙදෙන්නේ හිතුවේ. මාත් එක්ක මේ සංචාරයට මගේ අම්මා ඩිලානි, තාත්තා සමන් එක්ක මගේ චුටි මල්ලිත් එකතු වුණා. දවස් හතක් විතර අපි කැරබියන් දූපත්වල ගත කළා. ඇමෙරිකාවට ගොඩක් ළඟයිනේ කැරබියන් දූපත්. ඒ හින්දා තමයි සංචාරය කරන්න ගොඩක්ම ආස හිතුණේ. ඩොල්ෆින් මාළුවොත් එක්ක පීනපු එක තමයි මේ සංචාරයේ මම ගොඩක්ම කැමති වුණේ."