කළු කඩවලින් මිලියන 56ක්


පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් සොයා සිදුකළ වැටලීම්වල දී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 56 කට වැඩි මුදලක් දඩ වශයෙන් අය කර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම කාලය තුළ වැටලීම් 12,000කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති  බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම වෙළඳුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමෙන් අනතුරුව මෙම දඩ මුදල් අයකරගැනීමට කටයුතු කර ඇති බවත් වැටලීම්වල දී වැඩිම දඩ මුදලක් අයකරගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන්ගෙන් බව වාර්තා වෙයි.