කළු කබා අරගලයෙන් අලුත්කඩේ රත් වෙයි


(යොහාන් භාසුර)

‘විනිසුරු දඩයම, නීතිඥාවරු මර්දනය සහ ජනතාව පෙළන පාලනයට එරෙහිව කලු කබා අරගලය’ යන සටන් පාඨය මූලික කරගෙන නීතිඥායන් කණ්ඩායමක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක්  පැවැත්වූහ.

‘නීතිඥා සාමූහිකය’ නියෝජනය කළ නීතිඥායෝ එහිදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වටා ඇති මාර්ගයෙන් පෙළපාලියකින් පැමිණ අධිකරණ ඉදිරිපිට විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර