කළු සල්ලි සුදු කළැයි වෙලේසුදා රිමාන්ඩ්


අපරාධවලින් සොයා ගත් බව කියන මුදල් විශුද්ධිකරණයට ලක් කිරීම සඳහා ක්‍රියා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටි  වෙලේසුදා ඇතුළු අට දෙනෙකු ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔවුනට එරෙහි නඩුව ලබන ජුනියේ පැවැත්වෙන බැවින් ඒ වන තෙක් දින 14න් 14ට අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් දිර්ග කර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීට නියෝග කැරිණි.

හෙරොයින් ජාවාරම් කළැයි වෙනත් නඩුවකින් වැරදිකරු වූ වෙලේසුදා මරණ දඬුවමට නියම කරනු ලැබ සිටියි.