ක්‍රිකට් ගැසූ සරසවි සිසුන්ගේ පන්ති තහනම්


විශ්ව විද්‍යාලයේ  පරිපාලන කටයුතු වලට  බාධා කරමින් ක්‍රිකට් ක්‍රීඩා කළැයි රජරට  විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනකුගේ  පන්ති තහනම් කළ බව රජරට  විශ්වවිද්‍යාලයේ  උපකුලපති  ආචාර්ය රංජිත් විජයවර්ධන මහතා පවසයි.

ඔවුනට  අද (21) සිට සති පහක කාලයක් පන්ති තහනම් කර  ඇති බවත් නේවාසිකාගාරයේ රැඳී සිටිමත් එම කාලය තුළ පැවැත්වෙන විභාග වලට පෙනී සිටිමටත් අවසර  නොදෙන බව ඔහු කියයි.