බීබර් පිළිබඳව බොහෝ දෙනා ඇත්තේ ධනාත්මක ආකල්පයක් නොවේ. එයට හේතුව වන්නේ ඔහුගේ ඇති හැසිරීම් රටාවයි. නමුත් පසුගිය දිනෙක බීබර් වේදිකාවක් මත හඬා වැටිලා තියෙනවා. ඒ සඳහා හේතු වූයේ රියැලිටි තරුවක් ලෙස ක්ෂේත්රයට පිවිස යොවුන් ගායිකාවක් බවට පත්වූ ක්‍රිස්ටිනා ග්‍රිම් පසුගියදා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් සදහටම දෙනෙත් පියා ගත්තා.
මේ කුරිරු ඝාතනයෙන් කම්පනයට පත්වූ හොලිවුඩ් ගායක ගායිකාවක් රැසක්ම ශෝකය පළ කළා. යොවුන් ගායක ජස්ටින් බීබර් ඊට ශෝකය පළ කර තිබුණේ කැනඩාවේ පැවැති ප්‍රසංගයක ගී ගයන අතරතුරයි. අතිශය කම්පාවට පත්ව සිටි බීබර් ඒ අවස්ථාවේ වේදිකාව මත වැතිරෙමින් "ග්රීමී, ඔයාට මාව ඇහෙනවද.?" යැයි විමසා තිබුණා.