සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමේ සමාජය විසින් පීඩාවට පත්වූ කාන්තාවන් වෙනුවෙන් මනමා නුවර පවත්වාගෙන යන රක්ෂිත නිවාසයට පැමිණෙන කාන්තාවන් සංඛ්‍යාව ඕනෑම අවස්ථාවකදී තිදෙනෙක් දක්වා පහළ බැස ඇත.
පසුගියදා ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව පසුගිය වසරේදී මෙම නිවාසයට කාන්තාවන් 160 දෙනෙකු පැමිණ ඇතත් මෙම වසරේ මේ දක්වා එහි පැමිණ ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු පමණකි. සංක්‍රමණික සේවකයන් ආරක්ෂා කිරීමේ සමාජයේ නිලධාරියෙක් විසින් මෙම සංඛ්‍යා ලේඛන ගල්ෆ් ඬේලිනිවුස් පුවත්පත වෙත ලබාදී තිබේ.