කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීලා


(සුමිත් පොතුපිටිය)

මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම   නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි .

පානදුර ඌරන්නගොඩ වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටී කාන්තාවන් දෙදෙනකු මෙසේ පහරකැමට ලක්ව ඇති බව සදහන් වේ.

මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකපල කරන බව පොලීසිය සදහන් කරයි.කාන්තාවන් දෙදෙනා අත්පා වලට සිදුවූ තුවාල සහිතව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .