කැම්බල් පිටිය මහින්දලාට : හිටපු ජනපති ලිපිය බාරගනී


ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා රැලියට බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බව පොලිසිය ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් බාරදෙමින් අද (1) සැළ කළ බව වාර්තාවේ.

රාජපක්ෂ මහතා ලිපිය බාරගනිමින් පැවසූයේ අපි දැන් සියල්ල සූදානම් කර ඇති බවයි. නාරාහේන්පිට අභයාරාමයේ දී පොලිසිය එම ලිපිය බාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් හිටපු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර ද එහි වූහ.