කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට අඩු වෙමින් පවතින අතර ජල ගැලීම් තත්ත්වයද අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දිනවල නාගලගම්වීදියේ මාපාංකය අනුව 7.5ක් පමණ අගයක් ගත් කැල‚ ගඟේ ජල මට්ටම මේ වන විට 5.6 දක්වා පහත බැස ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම් රත්නායක මහතා පැවසීය.
මෙම අගය 5 පමණ අගයක් දක්වා අඩු වූ පසු ගංවතුර තත්ත්වය අඩුවී යනු ඇතැයි කී ලේකම්වරයා තවමත් කැල‚ ගගේ ජලය බැසයාම සිදුවනුයේ ඉතා සෙමින් වන බැවින් ජලයෙන් යටවී ඇති සියලූ ප්‍රදේශයන්හි ජලය බැසයාමට සතියක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයිද සඳහන් කළේය.
පසුගිය දිනවල ජලයෙන් යටවී තිබූ බොහෝ ප්‍රදේශයන්හි ජලය මේ වන විට අඩුවී ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය.