කැලණියේ අටක් රිමාන්ඩ් : දෙන්නකුට ඇප


කැලණි සරසවියේ පළමු වසර සිසුවියකට නවක වදය දීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි එම සරසවියේම සිසුන් 8 දෙනකු යළි මැයි 31 දක්වා රිමාන්ඩ් කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා අද (17) නියෝග කළේය.

සිසුන් දෙදෙනකුට අද ඇප නියම විය.

එසේ රිමාන්ඩ් කැරුණු සිසුන් අතර සිසුවියන්3 දෙනකුද වෙයි. 

අද සිසුන් තිදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කැරුණු අතර පැමිණිලිකාර ශිෂ්‍යාව එම තිදෙනාම හඳුනාගැනීමට සමත් වූවාය.