කෑගල්ල මහේස්ත්‍රාත් නියෝගය අලුත්ගමගේට බාර දෙයි


ඒකාබද්ධ විපක්ෂයේ පාගමන කෑගල්ල නගරය පසු කරද්දී  එක් මන්තීරුවක් පමණක්  භාවිතා කළ යුතු බවට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය පොලිසිය මීට  සුළු මොහොතකට  පෙර  උතුවන් කන්දේ දී  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට බාර  දුන්නේය.

පෙළපාළිය කෑගල්ල නරගයට වළක්වන නියෝගයක්  ඉල්ලා  පොලිසිය උසාවියට ගියද එම නියෝගය නොලැබිණි.

නුවර  කොළඹ මාර්ගය වෙනත් අරමුණක් සඳහා  අවශ්‍ය යැයි  කෑගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක තීරණය කළහොත් පොලිසිය කෑගල්ලට  ඇතුළු නොවී  අතුරු මාර්ගයක් ඔස්සේ යන ලෙසට  මහේස්ත්‍රාත් නියෝගයේ දැක්වේ.

පෙළපාළිය අතරතුර   මිනිස් ජිවිත වලට  හෝ පරිසරයට  කිසිදු හානියක් නොවන පරිදි සිදු කරන ලෙස මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.

 13844318_980710632048609_1212561787_o

13662432_980710635381942_1847683328_o-(1)13874936_980710608715278_1795454086_n

ඡායාරූප - ලහිරු හර්ෂණ