කින් ඛාන්ගේ Fan චිත්‍රපටයේ ඉන්ෆාස්ගේ සිංහල ගීතය


20160412Infass_1මෙම මස 15 වැනිදා කින් ඛාන් නොහොත් ශාරුක් ඛාන්ගේ ෆෑන් චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට සුදානම්. මේ දිනවල මේ චිත්‍රපටයේ තේමා ගීතයට ඉහළම ජනප්‍රියත්වයක් ලැබී තිබේ. එම නිසා විවිධ රටවල් වල ගායක ගායිකාවෝ මේ සින්දුව තමන්ට ආවේනික රටේ භාෂාවෙන් ගායනා කර YRF නම් ලෝක ප්‍රසිද්ධ YouTube චැනලය ඔස්සේ එළිදක්වනවා.

මේ තේමා ගීතය සඳහා සිංහල භාෂාවෙනුත් ගීතයක් ගායනා කර මේ චැනලය සඳහා එක් කොට ඇත. ඒ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු වන ඉන්ෆාස් විසින්ය. දැනට පැය 13කට කලින් තමයි මේ ගීතය මුදා හැරලා තියෙන්නේ.

මෙම ගීතයේ පද රචනය මනුරංග විසින් සිදු කර ඇත. සංගීත සැකැස්ම සහ පටිගත නිරීහ කින්ග් සවුත් ක්‍රිෂාන්ගේ පැරමවුන්ට් 360 ස්ටූඩියෝවෙ හිදී සිදුකර ඇත.  ඔහුගේ ශබ්ද ඉන්ජිනේරුවරයා වන්නේ සාරංග ඩී වන අතර, මෙම වීඩියෝව සඳහා ශාරුක් ඛාන් විසින් තම ට්විටර් ගිණුම මගින් ට්වීට් කර තිබේ.