කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු


2016-06-06-ent-64

නිතරම පුවත් මවන කිම් කාඩේෂන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී අන්තර්ජාලය කළඹලා. ඒ සරාගී කිම් කාඩේෂන් තම සැමියා වන කන්යේ වෙස්ට් සමගින් දිවා භෝජනයක් සඳහා ගිය අවස්ථාවේ ඡායාරූප ශිල්පීන් විසින් ලබා ගත් ඡායාරූප කිහිපයක්. කිම් තම සැමියා සමග නිදහසේ ඇවිද යන ආකාරය එම ඡායාරූපව දකින්න ලැබෙනවා.

නිතරම ඇඟේ හැඩය රැකෙන විදිහට ඇඳුම් භාවිත කරන කිම්ගේ මේ අලුත්ම විලාසිතාව හැමෝගේම ආකර්ෂණය මේ වෙද්දි දිනාගෙන තිබෙන බව සඳහන් වෙනවා. නමුත් මෙවැනි පුවත් වාර්තා කරන ආකාරය තමන්ට ඉතාමත් කරදරයක් බවයි කිම් කාර්ඩේෂන් සඳහන් කර ඇත්තේ. එයට හේතුව වන්නේ ඇයට කිසි නිදහසක් මෙම ගොසිප් මාධ්‍යවේදීන් ලබා නොදෙන බවයි.

තමාට නිදහසේ කිසිදු ඇඳුමක් ඇඳීමට නොහැකි තත්ත්වයක් මෙම මාධ්‍යවේදීන් විසින් පත් කර ඇති බව ඇය වැඩිදුරට සඳහන් කරනවා.


2016-06-06-ent-66
2016-06-06-ent-65