කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත්


2016-07-15-ent-144

මෙවර සුපර්ස්ටාර් අවසන් හතරදෙනා අතරට පැමිණි නෙල්කා තිළිණි, මීට පෙර, එනම් 6 වැනි අදියරේදීද සුපර් ස්ටාර් තරගය නියෝජනය කළ යොවුන් ශිල්පිනියකි. කැලණි සරසවියේ ජනමාධ්‍යවේදී (විශේෂවේදී) උපාධිය සඳහා අධ්‍යාපනය ලබන නෙල්කා ගැන විස්තර සඳහන් වන්නේ මෙලෙසිනි.

 

ගීතයට සමීප වුනේ මොනවගේ හේතුවක් නිසාද?

පුංචි කාලයේ ඉඳලාම ඒ ආසාව උනන්දුව තිබුණා. දහම් පාසලේදී පාසලේදී සංගීතය ගීතය එක්ක තමයි ජීවිතය ගෙවුණේ. මම ඉගෙන ගත්තෙ රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විද්‍යාලයෙන්.

 

නෙල්කාගෙ අරමුණ වන්නෙ?

ගීතය කියන්නෙ මිනිසුන්ගෙ හදවතට ආමන්ත‍්‍රණය කළ හැකි මාධ්‍යයක්. මිනිසුන්ගේ හදවතේ මතකය රඳවන්න පුළුවන් සුන්දර මාධ්‍යයක්. ඒ ගමන යන්න සිරස අපට ලොකු මාවතක් විවර කරලා දුන්නෙ. මම සංගීතය හදාරන්නෙ නිමන්ත හේෂාන් සර් යටතේ. මේ සිරස සංගීත චාරිකාවේදී සිරස ආයතනයේ කුමුදු අබේදීර, අසේල යන සර්ලා වගේම සිරසේ බොහෝ මහත්වරු මට උදව් කළා.

 

‘තරුව’ වීමේ අරමුණ ඔබටත් තිබුණද?

කිරුළ ගත්තාට වඩා මේ ආ ගමන ගැන හරිම තෘප්තිමත්. සංගීතය යනු මුදල් නෙවෙයි.

 

මෙවර ඔබ ඇයි වැඩිපුරම ගායකයින්ගේ ගීත ගැයුවේ?

විශේෂයක්ම වුණේ නැහැ. ඒත් මට හිතුණෙ එහෙම කළොත් හොඳයි කියලයි. ගීතය කවුරු ගැයුවත් විඳින්න පුළුවන් නම්? එහි ඇති ආශ්චර්යය එයයි.

 

ඒ ගැයූ ගී අතරින් ඔබේ හදවතට වඩා දැනුණෙ?

අමරදේව සර්ගෙ ‘‘ආරාධනා’’ ගීතයයි.

 

සඳුන් ගමගේ