කුඩු නැවේ 13 ක් රිමාන්ඩ්


ඉකුත් අප්‍රේල් 01 වැනි දා හොරොයින් කිලෝ 110 ක් සමඟ දකුණු මුහුදේ දී  අත්අඩංගුවට ගත් නැවේ සිටි ඉරාන, සිංගප්පුරු හා පකිස්ථාන ජාතිකයෝ 14 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කරනු ලැබුහ.

එයින් සැකකරුවන් දහතුන් දෙනෙකු අප්‍රේල් 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

ඉතිරි සැකකරු වන  ඉරාන ජාතික දරුවා (12) ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට බාර දිමට නියමිතය. ඉරාන ජාතික දරුවා මාකෝල ළමා නිවාසයට පරිවාසය සඳහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක දී අත්අඩංගුවට ගත් මුආස් මොහොමඩ් ද පොලිසියට බාර වු සුන්දරගේ සුමුදු තරංග හා බණ්ඩාර අනිල් රොහාන් ද අප්‍රේල් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

12965992_909222545864085_1663897206_n 12968566_909222479197425_735979611_n 12935442_909222462530760_10702415_n 12957406_909222495864090_59607713_n 12965940_909222519197421_541487908_n