කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය හා පෝස්ටර් මගින් කළ ඉල්ලීමෙන් ඵලක් වී නැත.
බැතිමතුන්ට පානීය ජලය ලබාගැනීමට තිබූ ජල ටැංකිද කඩා දමා ඇතැයි කියති.
කතරගම සොභා පරිසර තුරුණ සමාජයේ තරුණ තරුණියෝ මේ කුණු ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.