කුමාර තිරිමාදුරගේ 'උඩැක්කි කෝලම' මහරගමදී


20160406Kumara_1

 

ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ඔබ හඳුන ඔහු ගායකයෙකු ලෙසද මේ දිනවල ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඔහුගේ 'මහරගමදී හම්බවුණේ මේ උඩැක්කි කෝලම' ගීතය ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටී. ගීත රචනයෙකු මෙන්ම ගායකයෙකු ලෙසද කටයුතු කරන ඔහු කුමාර තිරිමාදුරය.

'මහරගමදී හම්බවුණේ මේ උඩැක්කිය' ගීතය විමල් ජී දොඹගහවත්ත රචනා කරපු ගීතයක්. සංගීතවත් කළෙත් ඔහු විසින්මයි. ගීතයට හොඳ ප්‍රතිචාර ලංකාවේ මෙන්ම පිටරට අපේ රසිකයන්ගෙන් ලැබෙනවා. මේ ගීතය ගායනා කරලා වසරක් පමණ ගත වෙනවා. මෙයට රූප රචනාවක් කරන්න හිතුණත් මේ ගීතය ජනප්‍රිය වෙලා ඉවරයි. දැන් වෙන ගීතයක් රූප රචනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ගීතය තමයි සුනෙත් කැළුම් සංගීතවත් කළ 'ඈ උසත් නෑ ඈ සුදුත් නෑ' රෙගේ ආරයට ගැයුණු ගීතය. තව සති දෙකතුනක් තුළ රූපවාහිනී නාළිකාවලින් දැකගත හැකිවෙයි. මම ලිව්ව තව ගීතයක් 'මං කවදාවත් කාටවත් ආදරේ නොකර' ගීතයටත් ප්‍රතිචාර ලැබෙනවා. එය සංගීතවත් කළේ සරත් ද අල්විස් මහත්මයයි.

අසංක ප්‍රියමන්ත පීරිසුයි මමයි එක පාසලේ හිටියේ. මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ගීත ගායනයට පස්සෙ රඟපෑමට එක්වුණා. ඒ කාලේ අසංකත් ගීත කිව්වා. නැවත ගීත ගායනයට ආසාවක් ඇති වුණා. මගේ ගීත ඇල්බමයක් 'මහරගම උඩැක්කි කෝලම' නමින් එළිදක්වනවා. ඒ වගේම මහරගම මගේ සංගීත ප්‍රසංගය එළිදක්වනවා.

චිත්‍රපට දෙකක තිර රචනා රචනා කළා. එකක්  'නිවුස් පෙපර්' අනික 'ශ්‍රී ලන්කන්' මමයි සරත් කොතලාවලයි 'නිවුස් පේපර්' ජුනි, ජූලි මාසවලදී රූපගත කිරීම් සිදුකරනවා."
 

නිදුක් මධුෂික / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු