කුරණදී දුම්රියක් අනතුරකට ලක්වෙයි


 

 

(යොහාන් භාසුර)

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රියක් සහ බහලුම් රථයක් අද (15) අනතුරකට ලක්වීම නිසා එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් ඇති විය.

මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයකදී පෙරවරු 10.15 ට පමණ බහලුම් රථය ගැටීමෙන් අනතුර සිදුවූ අතර මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය.

අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුවී ඇති බවත් බහලුම් රථයේ කන්ටේනරය පෙරළි තිබුණි.

අනතුරට ලක්වූ දුම්රිය මාර්ගයෙන් ඉවත්කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අද (15) පස්වරුවේ පැවසීය.