කෘමි හාල් ගබඩා කළාට අපුර සතොසට ලක්ෂයක් දඩ


කෘමීන් සහිත සහල් කිලෝ 140000 ක් අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ සතොස ගබඩාවේ තබා ගැනීමේ චෝදනාව හමුවේ වරද පිළිගත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රුපියල්120000 ක දඩ නියම කළාය.

මිනිස් පරිභොජනයට නුසුදුසු මෙම සහල් නිසි ක්‍රමවේදයක් යටතේ සත්ව ආහාර ලෙස වෙන්දේසි කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය ඩබ්.ඩී.එස්.කේ අබේවික්‍රම සහ නුවන් ඩී. කුලතුංග යන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළාය.

හරිශ්චන්ද්‍ර මාවතේ සතොසේ කළමණාකරිය දිනූෂී දසනායක සහ අනුරාධපුර නව බස්නැවතුම්පොළ සතොස වෙළඳසැලෙහි කළමණාකාරිය ඉෂාරා මහානාම නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ද නියෝග කැරිණි.