ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙනුවෙනි.
ගුජරාටය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. මෝදි නියෝජකය කරන භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන බල කඳවුර ලෙස සැලකෙන්නේ ද ගුජරාටයයි. භාරතීය ජනතා පක්ෂය ගුජරාට ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 1995 වසරේ සිටය.
2002 සහ 2018 මැතිවරණවලදී භාරතීය ජනතා පක්ෂයට ජය හිමිවුණත්, ඒ සෑම අවස්ථාවකදීය හිමිවුණු ඡන්ද ගණන අඩු වුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ ආසන 140 කි.
මෙම මැතිවරණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමකි.
ගුජරාඨ මහ මැතිවරණයට අරවින්ජ් කෙන්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂය ද ඉදිරිපත් වෙයි. ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂය ඉන්දියාවේ තෙවැනි දේශපාලන බලවේගය ලෙස සැලකෙයි.
ඊට අමතරව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය ද මැතිවරණයට ඉදිරිපත් වි සිටී. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට භාරතීය ජනතා පක්ෂයට අභියෝග එල්ල වනු ඇත්තේ කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂයෙන් බවය.
(එන්.ඩී.ටීවී.)