ළඟදි පෙන්නපු චිත්‍රපටයක මංගල දර්ශනයක් සඳහා ආරාධනා පත්‍රයක් ලැබුණලු මාධ්‍ය සහෝදරයෙකුට. එදා වැඩ අධික දවසක් නිසා ශාලාවට යන කොට ෆිල්ම් එක පටන් ගන්න ඔන්න මෙන්නලු. බැල්කනියෙ එතනම තිබුණ සීට් එකේ වාඩි වෙලා ඔහු ෆිල්ම් එක බැලුවලු. ඔන්න ඉන්ටර්වල් එකේදී කැමරා ආම්පන්න ලයිට් අමෝරාගෙන කට්ටිය වීඩියෝ කරනවා, පින්තූරැ ගන්නවා. යාන්තම් බෙල්ල හරවලා බැලුවම අපේ යාළුව ළඟම වාඩිවෙලා ඉන්නෙ මේ දවස්වල නැඟී ගෙන නිළි නංගි කෙනෙක්ලු. එයාව දැක්ක ගමන් යාළුවට හුස්මත් හිරවෙන්න ගත්තලු. පින්තූරැ ගන්නවලු පපුව ගැහෙන වේගෙටම.
එදා රූම ඒ ඇවිත් හිටිය කට්ටියගෙ පින්තූරැ එක එක ගොසිප් වෙබ්සයිට්වල ගියාලු. මේ මාධ්‍ය යාළුවගෙ යාළුවොටික ඒවයෙන් එක පින්තූරයක් ඩවුන්ලෝඩ් කරලා මෙයයි අර නිළියයි ඉන්න ගානට පින්තූරෙ CROPකරලා මූණු පොතේ ඉතාම හොඳ චේතනාවෙන් මුදා හැරියලු.
පහුවදා මේ යාළුවගේ උපන්දිනේ. වෙන අවුරැදුවල නම් මෙයාගෙ පෙම්වතිය හරියට රූ 12 කණිසම වදිනවාත් එක්කම මෙයාට කතා කරලා සුභ පතනවලු. නමුත් එදා දවස පුරාම අඩුම ගානෙ එස්.එම්.එස්. එකක් වත් නැහැලු.
බැරිම තැන මෙයා කෙල්ලට කතා කළා - ප්‍රතිචාරයක් නැත. SMS එකක් යැව්වලු. ඒකටනම් ප්‍රතිචාරයක් ලැබුණා. "හරි ෂෝක්. මම FB එක බැලුවා.* මොහු අන්දුන් කුන්දුන් වී මූණුපොත සැරිසරන්න පටන් ගත්තලු. වැඩේ පත්තුවුණ හැටි තේරැම් ගත් ඔහු FB එකේ පෝස්ට් එකක් දැම්මලු.
"මගේ බොක්කෙ යාළුවන්ගේ. උපන්දින තෑග්ගට ගොඩාක් ස්තූතියි!"