ඉන්දීය රුපියල් කෝටි 120ක් වැය කරමින් රාජාමවූලී විසින් නිර්මාණය කළ 'බාහූබලී' චිත්‍රපටයේ 'අවන්තිකා' චරිතය නිරූපණය කරමින් ඉන්දියාවේ පමණක් නොව ලොවපුරාද දමිල සිනමා ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනාගත් තමන්නා භාටියා රංගනයට අමතරව වැඩිපුර කැමැත්තක් දක්වන්නේ ආහාර පිසීමට බව අන්තර්ජාල වෙබ් අඩවියකට පවසා තිබේ. කෑම පිසීම මෙන්ම කේක් හැදීමටද දක්ෂතාවයක් දක්වන තමන්නා කලා කටයුතු අතරේ ලැබෙන විවේකයේදී කේක් සැදීම පිළිබඳව අධ්‍යයනයක් ලබාගැනීම සඳහා අමතර පන්තියකටද යන බව සඳහන් වේ. 28 වැනි විය ගෙවා දමමින් සිටින තමන්නා මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරයේ පදිංචිව සිටින බව සඳහන් වේ. මුම්බායි නගරයේ පදිංචිව සිටියද ඇය සතියකට දින කිහිපයක් දකුණු ඉන්දියාව බලා පැමිණෙන බවත් ඒ දමිල චිත්‍රපට රූපගත කිරීම් කටයුතු සඳහා බවත් වාර්තා වේ.
බුද්ධික සේනාධීර