එල්ටීටීඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරුවකු මෙන්ම එහි නායකයකු ද වූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත්අඩංගුවට ගන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගොනු කළ පෙත්සම ඔක්තෝබර 25 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණද තීන්දු කළේය.
මෙම රීට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ඉදිරියේ සලකා බැලිණි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කුමරන් පද්මනාදන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු නැතැයි පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරීව සිටි එම් ඒ එම් නවාස් මහතා දුන් වාර්තාවක් හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් (දැන් නීතිපති) ජයන්ත ජයසූරිය මහතා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළේය.
කේපී හට රටින් පිටවීම වළක්වමින් මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර 25 දක්වා දීර්ඝ කැරිණි.