කේරළයේ කෝචිං විද්‍යා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිදුවුණු තෙරපීමකින් සිසුන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 64 කි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.
තෙරපීම හටගත්තේ විශ්ව විද්‍යාලය තුළ රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරේය.
සංගීත ප්‍රසංගය නැරැඹීමට අවසර ලබා දී තිබුණේ විශ්ව විද්‍යාලයේ සිසුන් ට පමණි. සංගීත ප්‍රසංගය පැවැත්වෙමින් තිබුණේ එළිමහනේය.
කෙසේ නමුත් එම අවස්ථාවේදී ඇද හැලුණු වර්ෂාවක් හේතුවෙන් එය විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට තීරණය කෙරුණු අතර, තෙරපීම හටගත්තේ ශ්‍රවණාගරයට සිසුන් ඇතුළු වීමට දිව යද්දීය.
(එන්.ඩී.ටීවී.)