යාපනය, බන්ධනාගාර රැකවරණයේ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී 24 වැනිදා රාත්රියේදි පැනගොස් ඇති බැව් යාපනය පොලිසිය පවසයි.
යාපනය පොලිසිය පැවසූවේ ත්රස්ත ක්රියා හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල් ටි ටි සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී පළාගොස් ඇති බවයි.
සැකකරු උදරාබාධයක් හැදී 24 වැනිදා උදැසන යාපනය බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ යාපනය රෝහලට ඇතුළත් කොට ඇත.