ඉන්දියාවෙන් ගෙන්වපු අලුත්ම චිත්රපටයක් ප්රදර්ශනයට කලින් දවසෙ කොළඹ සිනමා හලක පෙන්නුවෙ සීමිත ආරාධිතයින් පිරිසකට.
ඒ අතර හිටියා ප්රසන්න විතානගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක ඇතුළු පිරිසක්.
චිත්රපටය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තිබියදීත් එතනට පාත්වුණේ පූජා.
"අනේ මම දැනුයි සැලුන් එකෙන් කොණ්ඩෙ කපාගෙන ආවෙ. හොඳද කියලා බලන්නකො?" ඇය ඇගෙ කොණ්ඩය පෙන්නමින් කිවිවා*
"අයියෝ දිගට තිබ්බ කොණ්ඩෙ ඇයි අඩු කළේ.." කවුදෝ කෙනෙක් පූජාගෙන් ඇහුවා.
"කමක් නෑ ලස්සනයිනෙ," පූජා උත්තර දෙනවා.
සෝමරත්න දිසානායක ඒ අසල නිශ්ශබ්දව බලං ඉන්නවා.
"සෝමෙ අයියා මොකද සද්ද නැත්තෙ? HAIR CUT එක ලස්සනද?" පූජා අහනවා.
"ලස්සනයි, ලස්සනයි හැබැයි ඔයාගෙ දිගට වැවෙනකම් ඔයාව මගේ ඊළඟ ෆිල්ම් එකට ගන්න විදිහක් නෑ", ඔහු කිව්වා.
"පූජාගෙ කොණ්ඩෙ දිගට වැවෙනකම් මෙයාගෙ ඊළඟ ෆිල්ම් එකත් පටන් ගන්නෙ නැහැ, "ළඟ සිටි කෙනෙක් විහිලුවක් කළාලු.