කොදෙව් නායකයා විස්සයි විස්සෙන් පන්නයි


බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ටී 20 ක්‍රිකට් තරගවලින් දෙවරක්ම ජගත් කිර්තියට පත් කළ ඩැරන් සැමී (33) නායකත්වයෙන් ඉවත් කළ බව තේරීම් කමිටු සභාපති දැන්වීයැයි ඩැරන් සැමී වීඩියෝ පටයකින් කියයි.

‘පෙර දින උදේ මට දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ ඇමැතුමට තත්පර තිහග් ගත වෙන්න ඇති. එය ලැබුණේ තේරීම් කමිටු සභාපතිගෙන්. ඔහු කීවේ විස්සයි විස්ස තරගවලින් මගේ නායකත්වය ඉවත් කළ බවයි.‘

පසුගිය අප්‍රේල් මාසයේ ඔහු එංගලන්ත කණ්ඩායම තරගයෙන් පැරැදවීය. තරගය පැවැතියේ ඉන්දියාවේ කොල්කටා නුවරය. ජයග්‍රහණයත් සමග සැමී ඉන්දියා කොදෙව් ක්‍රිකට් කණ්ඩායම විවේචනය කළේය. එසේ නොකරන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද ඔහුට තරවටු කළේය.

images