කෝටි තුනකින් හැදූ ගීතය එළියට


2016-07-11-ent-01

ඉන්දීය රුපියල් කෝටි තුනක් වැය කරමින් නිර්මාණය කළ චිත්‍රපට ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. ඒ අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට සැලසුම් කර ඇති අශ්තෝෂ් ගවෙස්කාර්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ "මහේන්ජෝ දාරෝ" චිත්‍රපටයේ එන "තූ හේ" ගීතයයි. මෙහි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රිතික් රෝෂන් හා නවක නිළි පූජා හෙඩ්ජ් දෙදෙනා මෙම ගීතය සඳහා පෙනී සිටින අතර, ගීත ගායනයෙන් ඒ.ආර්. රහමාන් හා ෂානා මොයිඩත් සහාය වී ඇත. මෙම "තු හේ" ගීතයේ සංගීත නිර්මාණයෙන්ද සහාය වී ඇත්තේ රහමාන් විසින් බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදන බරපැණ "යූ.ටී.වී." පික්චර්ස් ආයතනයේ ප්‍රධානී සිද්ධාර්ත් රෝයි කපූර් විසින් දරා තිබේ. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 90 – 100ත් අතර ප්‍රමාණයක් වියදම් වනු ඇතැයි මේ වනවිට සිදුකළ ඇස්තමේන්තුවල සඳහන් වෙයි. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ රිතික් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටිනු ලැබුවේ මීට වසර දෙකකට පෙර නිසාවෙන් ඔහුට ආදරය කරන සිනමා ලෝලීන් ඔහුගේ චිත්‍රපටයක් පැමිණෙන තුරු පුලාපුලා බලාසිටින හෙයින් %මහේන්ජෝ දාරෝ^ චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇති බවයි.

 

2016-07-11-ent-04
2016-07-11-ent-03
2016-07-11-ent-02