ගංවතුරින් අවතැන්වූවෝ තවමත් කඳවුරුවල


කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගංවතුරින් හා නිවාසවලට හානි වූ පවුල් 41 ක 150 දෙනෙකු පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාංගණයේ පිහිටි කූඩාරම් වල තවමත් රැඳී සිටින බවත් ගං වතුරින් නිවාස හානි සිදුවී තිබීම මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් තම නිවෙස්වලට යාම ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් නව නිවෙස් හෝ නිවාස හැර යාම සඳහා වන්දි මුදලක් ඉල්ලන බව කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැවසීය.

එමෙන්ම මෙලෙස කූඩාරම්වල පදිංචිව සිටින ජනතාවගේ තොරතුරු සොයාබැලීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම ස්ථානයට ගිය අතර ජනතාවට ස්ථිර විස`දුමක් ලබාදෙන තුරු හානි වී ඇති නිවාස ගොඩනගාගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට මහ ඇමතිවරයා එහිදී පියවර ගෙන ඇත.

13391367_835293569948853_9031988343681912658_o DSC_5832