ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ


(සුරංග රාජනායක)

ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් නාය ගොස්  අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පවතින අධික වර්ෂාව සමඟ ඊයේ රාත්‍රී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාත්‍රී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ

මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යාමට හසුව තිබේ

මෙම නායයාම නිසා නුවරඑළිය මාර්ගය ද පුපුරා ගොස් ඇති නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි

නාය අවදානම් සමඟ අසල නිවෙසේ පිරිස ද ඉවත් කළ බව පොලිසිය පවසයි