ඕස්ටේ්රලියා ජාතිකයකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කළැයි කියන ව්‍යාජ පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇතැයි සඳහන් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 14 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීත්දු කළේය.
පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , බුවනෙක අළුවිහාරේ සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
ගම්මන්පිළ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක එම්.ඞී.සී.පී. දයාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, පොලිස්පති, ඕස්ටේ්රලියානු ජාතික බ්‍රයන් ජොන් ෂැඩොක්, ලසිත ඉන්දීර පෙරේරා, ජේ.සී.පී ජයසිංහ ඇතුළු හත්දෙනකු නම් කරනු ලැබ සිටිති.