ප්‍රේමකුමාර ජයවර්ධනගේ 'මාද ඔබම විය', වාසිත සමරනායක 'කුරුලු පිහාටු', සංජය නිර්මාල් 'චක්‍ර' ටෙලි නාට්‍යය මෙන්ම මෑතක සිට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන්ගේ 'හංස පිහාටු' ටෙලි නාට්‍යය තුළින් පුංචි තිරයේදී ඔබ හමුවට එන ගයාත්‍රි රාජපක්ෂ ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියකි. ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින ගයාත්‍රි ඉදිරියේදී රංගන කටයුතුවලින් ඈත් වීමට සූදානමින් සිටියි. එසේ රංගන කටයුතුවලින් ඉවත් වීමට හේතුව පිළිබඳව 'සාරවිට' අපි ඇයගෙන් විමසා සිටියෙමු.
"මගේ පළමු දරුවා ලැබෙන්න ඉන්න නිසා ඉදිරි කාලෙදි නම් මම නිර්මාණ කටයුතුවලින් ඉවත් වෙන්න සූදානමින් ඉන්නවා. නමුත්, මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවලත් ඉදිරි කාලෙදිත් විකාශය වෙන්න නියමිත නිසා මා නැති අඩුව එතරම් ලොකුවට මගේ රසික, රසිකාවියන්ට දැනෙන එකක් නැහැ කියලා හිතනවා. දැනට මම රංගනයට පිවිසිලා දිගු කාලයක් වෙනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතෙ පැත්තත් කලා කටයුතු වගේම හිතන්න ඕනා කියලා හිතුණා. ඒත්, මම හිතන්නේ නැහැ මම කාලයක් රංගනය පැත්තෙන් දුරස් වේවි කියලා. මොකද මගේ සැමියා වගේම පවුලේ අය කැමතියි මම රංගන ශිල්පිනියක් විදිහට දිගටම කටයුතු කරනවට."
බුද්ධික සේනාධීර / ඡායාරූප - ගයාත්රිගේ ෆේස්බුක් පිටුවෙන්