විවිධ සමාජ සංස්කෘතීන්ට අයත් ජන සමූහයන් එකට එක් කිරීමේ සුවිශේෂ හැකියාව සංගීතය සතුය. ශ්‍රී ලංකා - නෝර්වේ සංගීත වැඩසටහන 2009 වසරේ ආරම්භ කරනු ලැබුවේ සංගීතය සතු මෙම ගුණාංගය තුළින් විවිධ ජාතීන්, ආගම් හා අනිකුත් සංස්කෘතික විවිධත්වයන් සහිත කොටස් අතර සංහිඳියාව ගොඩනැගීම අරමුණු කරගනිමිනි. විවිධ ජනසමූහයන්, සවිමත් පවුරක් සේ එකට එක් කිරීමේ උදාර කර්තව්‍ය සඳහා මෙම වැඩසටහන යටතේ විවිධ ක්‍රියාකාරකම් ඵලදායී අයුරින් දියත් කර තිබේ.
එක් වසරක යාපනයේද, තවත් වසරක ගාලු පුරවරයේද අඛණ්ඩව පුරා වසර හයක් මුළුල්ලේ පැවැත්වූ සංගීත උලෙළ, මෙවර ගාලු පුරවරයේ දී "උදෑසන සහ සැන්දෑ" වැඩසටහන යනුවෙන් මැයි මස 14 වැනි දින පැවැත්වේ.
උදෑසන වැඩසටහන - පෙරවරු 10 සිට උසාවි චතුරස්රයේ දී "ගුඩ් මාර්කට්" සමගාමීව පැවැත්වේ.
සැන්දෑ වැඩසටහන ප.ව. 5.00 සිට රාත්‍රී 10.30 දක්වා සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ගාලු සංගීත උලෙළට සහභාගි වීම සඳහා ඇතුළත්වීමේ ගාස්තු අය නොකෙරේ.
කොළඹ ප්‍රසංගය
ගාලු සංගීත උලෙළට සමගාමීව පවත්වන කොළඹ ප්‍රසංගමය මෙවර මැයි මස 15 වැනි ඉරු දින ප.ව. 6.30 සිට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ. මේ සඳහා ඉන්දියාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන රඝු ඩික්සිත් කණ්ඩායම සහභාගි වන අතර, පුරා පැය 01 යි විනාඩි 30 ක කාලයක් ප්‍රසංගය පැවැත්වෙනු ඇත. මේ සඳහා ප්‍ර‘වේශපත් මිලදී ගත යුතු වන අතර, ඉන් ලැබෙන ලාභය ග්‍රාමීය මට්ටමේ සංගීතවේදීන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති සඳහා යොදවනු ඇත.
රංගන / ඡායාරූප - ක්‍රිෂාන් ශෂික