ගැමියෝ පානදුර - ගාලු පාර වසති


පානදුර පල්ලිමුල්ල- ගොරකපොළ ප්‍රදේශ අතර පරණ ගාලු පාර ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඉල්ලා ගම්වැසියෝ වීදි බැස සිටිති. 

පානදුර පාලම අසල සිදුකරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් පානදුර - ගාලු පාර අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

බැනර් පුවරු රැගෙන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන පෙළපාලිකරුවෝ අබලන් වු මාර්ගයේ සංවර්ධනය වසර තුනකට පෙර ඇරඹුවත් එයට බාලගිරිදෝශය ලබා ඇති බව කියති. පල්ලිමුල්ල සිරිනිවාසාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිනිදුම සුගතවංශ හිමියන් ඇතුළු ප්‍රදේශවාසින් උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

පෙළපාලිකරුවෝ පරණ ගාලුපාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් වාහන ගමනාගමනයද ඇණහිට ඇත.

අපොස උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන්ට බාධාවක් නොවන පිණිස උද්ඝෝෂකයන් ගාලු - පානදුර පාරෙන් පැය බාගයකට ඉවත්වූ බවත් බලධරයකු එනතුරු උද්ඝෝෂණය පවත්වන බවත් උද්ඝෝෂකයෝ කියති.

13882464_897709077039941_1921593532234599488_n 13886987_897711930372989_1134224477423495683_n 13903369_897709637039885_6093531182103035091_n 13907096_897711487039700_81170150009908011_n 13935156_897708660373316_8983637108007458075_n 13938334_897708787039970_1550211096867351770_n 13939432_897711753706340_1731883975320454593_n

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා

DSC07377[1]_89 DSC07443 DSC07469

 

 

වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ