ගුණදාස අමරසේකරගේ පෙත්සම විසිවෙයි


ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත‍්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අන්දමේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙසට ජනාධිපති ලේකම්ට නියෝග කරන ලෙස ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර ගොනු කළ මූලික අයිතිවසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ඉවත දැමීය.

තොරතුරු පනත බලාත්මක වන්නේ එම පනත කථානායකවරයා අත්සන් කර ඇති මාස හයකට පසුව බැවින් මෙවැනි සහනයක් ඉල්ලිය යුත්තේ ඉන් පසුව බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,අනිල් ගුණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු  හමුවේ සලකා බැලිණි.