අලුත් අවුරුදු උදාවීමත් සමග කලා තරුවක් වන අනූජ් රණසිංහ තවම අලුත් අවුරුද්දේ සැලසුම් ගැන හිතලා නැහැලු. නමුත් ඔහුගේ අවුරුදු සමරන ආකාරය පිළිබඳව අපට මෙසේ පැවසීය.
"අවුරුද්දට නම් තාම විශේෂ සූදානමක් නෑ. වෙනදා වගේම ගෙදරටවෙලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරන්න තමයි බලාපොරොත්තුව. පසුගිය තුන් වැනිදා රූපලාවණ්‍ය ශිල්පීන් විශාල ප්රමාණයකගේ සහභාගීත්වයකින් නෙළුම් පොකුණ රඟහලේ "රුවැති රැයක්" කියලා විශේෂ ප්‍රසංගයක් පැවැත්වුවා. පසුගිය කාලය පුරාවටම ඒ වැඩ කටයුතුවල තමයි නියැළුණේ. නව වසරේ අලුත් නිර්මාණවලටත් දායක වෙන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා.
"අලුත් අවුරුද්දෙ මට මගේ රසිකයන්ට කියන්නෙ දේශීය දේ අගයන්න කියන දේ. ඔය දේ ඉතින් අපි හැම වෙලාවේ කියනවා. ලංකාවෙ තරග නිර්මාණවලට වගේම ලංකාවෙ ආටිස්ලට වැඩ දුන්නොත් මම හිතන්නෙ ලංකාවෙන් මීට වඩා ලස්සන නිර්මාණ බිහිවෙනවා වගේම, නළු නිළියන්ගේ දක්ෂතාවන් නරඹන්නටත් ප්‍රේක්ෂකයාට හැකියාව ලැබෙනවා."
කුෂි