ගෙවල් හදාදෙන තුරු කුඩාරම්


කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල  හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා කියයි.

කුඩාරම් නිවසකට ඇදන් තුනක්,මුළුතැන්ගෙයි උපකරණ හා සෙසු දෑ ද සපයන බව ඔහු පවසයි. එම කුඩාරම් ඔවුන්ගේ ගෙවත්තේම ඉදිකරගැනීමට හැකි බව ඔහු කියයි.