ගෝඨාභයට සිතාසි


ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත් කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ ලබන මැයි මස තුන් වැනිදා පෙනී සිටින ලෙස  විශේෂ මහාධිකරණයේ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට  සිතාසි නිකුත් කළාය.

හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ  මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත්‍රස්ත්‍රවාදීන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දීම සඳහා මෙලෙස හිටපු ආරකෂක ලේකම්වරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත.