චාමර ප්‍රියදර්ශන තමන් කැමති නිළිය ගැන කිවේවේ මෙහෙමයි. මම කැමතිම නිළිය මාලනී ෆොන්සේකා.
හේතුව තමයි මූලික දේ දක්ෂතාවය.
ඒ වගේම ඇය සතු නිහතමානීකම. ඇය සමඟින් රඟපෑම තුළින් අපට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. තවම අපි අලුත්නේ. ඉතිං අපිට ලොකු ආලෝකයක්. ඒ වටිනාකම දැනගෙන වැඩ කරන්න ඕනේ.
මටත් වාසනාව ලැබුණා අවස්ථා කීපයකදී ඇයගේ ඇසුර ලබන්න වගේම ඇයත් එක්ක රඟපාන්න. සත්පත්තිනි ටෙලි නාට්‍යයේ මගේ ලොකු අම්මාගේ චරිතය ආස කළා. එතනදි මට මගේ චරිතය කරන්න උපදෙස් දුන්නා.
මට ඒක මගේ මේ රංගන ජීවිතේ ලැබූ ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම එතුමිය තමා අපේ නිළි රුජන.
අනූෂා රණසිංහ / සේයාරූ | FB