දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අවසන් අදියර දක්වා පැමිණි ගැඹුරු කටහඬක් හිමි ගායිකාවක ලෙසින් චිත්රූ පාඨලී හැඳින්විය හැකිය. මේ දිනවල ඇගේ නවතම ගීතය වූ "සුන්දරයි ආදරේ" ජිප්සීස් වෙතින් නිර්මාණය කළ ගීතයක් එළිදක්වා තිබේ. ඒ පිළිබඳව හා ඇගේ නවතම කටයුතු පිළිබඳව විමසීමට අපි ඇය සමගින් කතාබස් කළෙමු.
මුලින්ම ගීතය ගැන කතා කළොත්?
මේ ගීතය ජිප්සීස් කණ්ඩායමේ ගීතයක්. මම ඩ්‍රීම්ස්ටාර්වල අවසන් හයදෙනාගේ වටයේ ගායනා කළා ඕයේ ඔජායේ ගීතය. ඒ ගීතය අහලා ඔහු කිව්වා මෙහෙම ගීතයක් තිබෙනවා ඒක ඔයාගේ හඬට ගැළපෙන නිසා ඔයා දින්නත් පැරදුනත් ඒක මං ඔයාට දෙන්නම් කියල. අවසාන මහා තරගෙන් පස්සෙ කතාබස් කරලා එහි වැඩ පටන් ගත්තා. සංගීතය සුනිල් පෙරේරා සහ පියල් පෙර්රා. පදරචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ. ගීතය ගැන කියනවානම් මෙය වර්තමානයේ රැල්ලට හැදෙන ගීතත් එක්ක වෙනස්. දැන් කාලෙ හැදෙන්නෙ බූට් සින්දුනෙ. හැම තිස්සෙම ආදරය වේදනාවක් කියන ගීත තමයි නිර්මාණය කෙරෙන්නෙ. මෙය එහෙම ගීතයක් නෙවෙයි. වෙනස් වෙන්නෙ එය ආදරයේ විවිධ පැතිකඩවල් ගැනයි කතා කරන්නෙ.
සුන්දරයි ආදරේ ....එක වෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ. තවත් වෙලාවකට නිසලව ගලන ගඟක් වගේ. විවිධාකාර වූ හැඟීම් සමුදායක් කැටි කරගත්ත දෙයක් තමයි ආදරේ. එය තමයි මේ ගීතය පුරාවටම තියෙන්නෙ.
ඩ්‍රීම්ස්ටාර්වලින් පස්සෙ දැන් මම සම්බන්ධ වෙලා තිබෙනවා දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට. හඳුනාගත් තරු කණ්ඩායම් තුනකට බෙදිලා තරග වදිනවා. දැන් අපි අර්ධ අවසන් පූර්ව වටයට තේරිලා ඉන්නෙ. මේ දවස්වල එහි වැඩකටයුතුවල නිරත වෙනවා. ඊට පස්සෙ %සුන්දරයි ආදරේ^ ගීතයේ වීඩියෝවේ රූගත කිරීම් මේ මස අගදී නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. අලුත් ගීතයක් මේ වසරේ අගදී නිකුතුවකට සූදානම්. ගීත සේරම ලෑස්තියි. නමුත් එය නිකුත් කරන්නේ මේ වසරේ අවසානයේදියි.
ඔබ ඔය ස්ටයිල් එකේ ගීත විතරද ගායනා කරන්නෙ.
නැ... නෑ.. මම ගොඩක් ආසයි රොක් සංගීතය පැත්තට...නමුත් ශාස්ත්‍රීය පැත්තටත් ආසයි. මම බටහිර ගායිකාවක්. මගේ ඊළඟ තේමාව පරපුරු අතර වෙනස (Generation gap) එක ගැනයි. අපි තරුණ පරපුරට තේරෙන්නෙ නෑ වැඩිහිටියො කියන දේවල්. ඔවුන් කියන දේවල් වැඩිහිටියන්ට තේරෙන්නෙ නෑ. එවැනි අදහසක් තියෙන දෙයක්. මම හරි ආසයි අප්‍රිකානු සංගීතයට සහ පර්යේෂණාත්මක දේවල්වලට.
සටහන ඉඳුනිල් සින්දු