ලොව බොහෝ දෙනාගේ ජංගම දුරකථනවල මෙන්ම පරිගණකවල ක්රීඩාවක් ලෙස ස්ථාපනය කර තිබූ Angry Bird දැන් චිත්රපටයක් ලෙස ගෙන එනු ලබයි.
එය ලබන 12 වැනිදා එළිදැක්වීම නියමිත අතර, එහි ත්රිමාන අධ්යක්ෂණය සිදුකර ඇත්තේ ෆේර්ගල් රෙයිලි විසිනි. The Angry Birds Movie ලෙස නම් කර ඇති මෙම චිත්රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති අතර, මෙහි නිෂ්පාදන සමාගම වන්නේ Rovio Entertainment ආයතනයයි. Rovio ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන පළමු චිත්රපටය ලෙසද මෙය හඳුන්වයි.