චීන ගයිඩ්ලා චීනෙට : ලංකාවට ගෙන්වූ ලොක්කා ඇපපිට


චීන ජාතිකයන් 16 දෙනකු මාර්ගෝපදේශකයන් ලෙස වැඩ කිරීමට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන  එන්කවුන්ටර් ලංකා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධරයා බව කියන ඉම්රාන් හසන් අලි රුපියල් 50000ක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් චීන සංචාරකයන් ගයිඩ් වැඩෙහි යෙදී සිටි මෙම 16 දෙනා චීනයට යෑම සඳහා ගුවන් ටිකට් මිලදී ගෙන ඇතැයි විත්තියේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඔවුන් චීනයට ගිය පසු ඒ බවට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ ගමන් බලපත්‍ර ද මුදා හළේය.